16 December 2025

logo

කැලණි, කළු සහ අත්තනගලු ඔයේ ජල මට්ටම පහළට



මේ වන විට කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔයේ අවදානම් තත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ගංවතුරෙන් බලපෑම් එල්ල වූ ගම්පහ, ජා ඇල, වත්තල, මිනුවන්ගොඩ, කටාන යන ප්‍රදේශවල ජල මට්ටම අද (05) දිනයේ ක්‍රමයෙන් පහව යන බවයි ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළේ.

කැලණි ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන කඩුවෙල, බියගම, කොළොන්නාව, වත්තල සහ කොළඹ යන ප්‍රදේශවල ජල මට්ටමද මේ වන විට පහව ගොස් තිබෙනවා.  
(colombotimes.lk)