ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව අංක එකේ එක්දින පිතිකරුවා බවට පත්වීමට නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් සමත් වී තිබෙනවා.
ඒ පසුගිය සතියේදී මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තමන් සතු කරගත් විරාත් කෝලිව දෙවන ස්ථානයට ඇදදමමින්.
මේ අතර මෙම ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය හිමි කරගෙන සිටි රෝහිත් ශර්මා සිව්වන ස්ථානයට පත්වී තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරම්භ පිතිකරුවෙක් වන ඉබ්‍රාහීම් සද්‍රාන් නවතම ශ්‍රේණිගත කිරීම්වල 3වන ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින්.
(colombotimes.lk)
