මේ වන විට අම්පාර - ඉඟිනියාගල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ කොණ්ඩුවටුවාන වැව පිටාර ගැලීම හේතුවෙන්.
පොලීසිය සඳහන් කළේ වැවේ ජලය මාර්ගය හරහා ගලා යෑම හේතුවෙන් මෙම මාර්ගය ඔස්සේ ගමන් කරන රියදුරන්ට දැඩි අපහසුතා මතුවී ඇති අතර අනතුරු වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
(colombotimes.lk)
