27 November 2025

logo

දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්



පසුගිය පැය 24 තුළ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශවලට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මඟින් මේ වන විටත් තත්පරයට ඝණ අඩි 18,600ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.  

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 6 බැගින් සහ දොරටු 4ක් අඩි 4 බැගින් විවෘත කර තිබෙන බවයි. 

දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.



(colombotimes.lk)