දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවනය වූ සියලුම දුම්රියන් කොළඹ කොටුව - නානුඔය සහ නානුඔය - කොළඹ කොටුව අතර දක්වා පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව හෙට (27) උදෑසන කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත පොඩි මැණිකේ (පෙ.ව. 5.55), උඩරට මැණිකේ (පෙ.ව. 8.30) සහ පෙ.ව. 9.45ට පිටත්වීමට නියමිත දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි.
එමෙන්ම මහනුවරින් බදුල්ල දක්වා ගමන් කරන Kandy Odessey දුම්රියද නානුඔය දක්වා පමණක් ධාවනය වීමට නියමිතව තිබෙනවා.
මීට අමතරව උඩරට මැණිකේ (පෙ.ව. 9.20), Kandy Odessey (පෙ.ව.11.00), පොඩි මැණිකේ (ප.ව.12.15) සහ ප.ව. 2.16 යන දුම්රියන් නානුඔයේ සිට ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)
