27 November 2025

logo

එක් පළාතක මුස්ලිම් පාසල් වසා දමයි



නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සියල්ලටම හෙට (27) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඒ නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ පවතින සුළි කුණාටු අවදානම සැලකිල්ලට ගනිමින්. 

පවතින සුළි කුණාටු තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගිය පසු යළි එම පාසල් විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සඳහන් කළා. 

(colombotimes.lk)