09 July 2025

logo

කොරියානු භාෂා විභාග ප්‍රතිඵල නිකුත් වෙයි



නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර ඉන් අයදුම්කරුවන් 3,422ක් සමත් වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම විභාගය සඳහා අයදුම්කරුවන් 3,580ක් ඉදිරිපත් වී ඇති අතර ඒ අනුව ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් 95.6%ක්.

මෙම විභාගයේ ප්‍රතිඵල මැයි මස 27 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ (www.slbfe.lk) පළ කරනු ලබන අතර විභාගය සමත් වූ අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ මැයි මස 28 වන දින ආරම්භ කෙරෙනු ඇති.

එමෙන්ම විභාගය සමත් අයදුම්කරුවන් සඳහා අදාළ සම්මුඛ පරීක්ෂණ ජූනි මස 06, 07 හා 10 යන දිනයන්හි කාර්යාංශයේ පළාත් කාර්යාල, විගමනික සම්පත් මධ්‍යස්ථාන හා පුහුණු මධ්‍යස්ථානයන්හිදී සිදු කිරීමට නියමිතයි.

(colombotimes.lk)