18 December 2025

logo

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි



මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

එම සංවිධානය සඳහන් කළේ හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වන බවයි. 

අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු) 

මහනුවර දිස්ත්‍රික්කය

දොළුව
උඩුදුම්බර
⁠මැදදුම්බර

නුවරඑළිය දිස්ත්‍රික්කය

වලපනේ
හගුරන්කෙත
නිල්දණ්ඩාහින්න
⁠මතුරට

(colombotimes.lk)