10 January 2026

logo

ශ්‍රී පාද හැටන් මාර්ගයේ නායයෑමේ අවදානම ඉවතට



ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිඹ ප්‍රදේශය ආශ්‍රිත නායයෑමේ අවදානමක් තවදුරටත් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. 

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් එම මාර්ගයට පස්කන්දක් කඩා වැටී තිබූ අතර එම ප්‍රදේශයට ඇතුළුවීමේ අවදානමක් ද පැවතුණා.
 
ජාතික පර්යේෂණ ආයතන විසින් ඊයේ (08) හැටන් මාර්ගයේ පර්යේෂණයක් සිදු කර තිබෙනවා.

එම පර්යේෂණය මඟින් අනාවරණය වී ඇත්තේ කිසිඳු බාධාවකින් තොරව මේ වන විට ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීමට පැමිණිය හැකි බවයි. 

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් එහි වාර්තාවක්ද ඉදිරි දිනයකදී ශ්‍රී පාදස්ථාන භාරකාර දොරපනේ සුමනජෝති හිමියන්ට ලබාදෙන බවද ඔවුන් සඳහන් කළා.

(colombotimes.lk)