colombotimes.lk
සිංහල | English

08 May 2024

බංගලියන්ට රිදෙන්න සිංහයන් ටෙස්ට් ජයග්‍රහණය සැමරූ අයුරු



බංගලාදේශයේ ශ්‍රී ලංකා තරග සංචාරය තුළදී ක්‍රීඩකයන්ගේ ආන්දෝලනාත්මක හැසිරීම් ගණනාවක් දැක ගැනීමට හැකි වුණා.

මෙය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසු Time Out අවස්ථාව නිරූපණය කරමින් කුසලානය සමඟින් අවසන් ඡායාරූපයට පෙනී සිටීමත් සමඟයි.

පසුව එක්දින ශූරතාවය බංගලාදේශය දිනා ගැනීමෙන් අනතුරුව මුෂ්ෆිකර් රහීම් ඇන්ජිලෝ මැතිව්ස්ගේ හිස් ආවරණය කැඩී යෑමේ අවස්ථාව රඟ දැක්වූවා.

ඊට පිළිතුරු ලෙස ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු ඉරියව්වක් නොදක්වා පහසු තවත් එක් ජයක් ලැබූ ආකාරයට හැසිරුණු අයුරු සියල්ලන්ගේ අවධානයට යොමු වුණා.
 
(colombotimes.lk)