23 January 2026

logo

එංගලන්තය දණගැස්වූ දුනිත්ගේ වික්‍රමය - පළමු එක්දින තරගයෙන් සිංහයන්ට විශිෂ්ට ජයක්



සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගය ලකුණු 19කින් ඉතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියනිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස් කිරීමට සමත්වුණා.

එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93ක් සහ දුනිත් වෙල්ලාලගේ පන්දු 12කින් නොදැවී වේගවත් ලකුණු 25ක් රැස් කරගත්තා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සංචාරක එංගලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 272ක්.

කෙසේ වෙතත් එම ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 252ක් පමණයි.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ දැක්වූ දක්ශතා කැපී පෙනුණා.

ඒ අනුව ඔහු පිත්තෙන් ලකුණු 25ක්, පන්දු යැවීමේදී ලකුණු 41කට කඩුලු 2ක් සහ විශිෂ්ට උඩ පන්දු 3ක් ලබා ගත්තා.

මේ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමණ ගෙන සිටිනවා.

(colombotimes.lk)