19 September 2025

logo

ඉන්දුනීසියාවේදී කොටු වූ අපරාධ කල්ලි සාමාජිකයන්ගේ නම් ලැයිස්තුව එළියට



මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් 05දෙනෙක් සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයන් සිටින බවයි.
 
ඊට අමතරව බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ තුන් හැවිරිදි දරුවෙක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. 

(colombotimes.lk)