ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එහි නව මිල රුපියල් 4,765ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 308කින් ඉහළ ගොස් තිබෙනවා.
එහි නව මිල සටහන් වන්නේ රුපියල් 1,910ක් ලෙසයි.
මේ අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890ක් දක්වා රුපියල් 140කින් ඉහළ දමා තිබෙනවා.
(colombotimes.lk)