colombotimes.lk
සිංහල | English

04 May 2024

'නිල් කටරොළු Live in Concept' මේ සිකුරාදා අපේ ගමේදී



ශ්‍රී ලාංකීය සංගීත කළාවේ නැවුම් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් නාට්‍යමය ගීත විවරණයක් ලෙස නවතම අත්දැකීමක් විඳීමට දැන් ඔබට අවස්තාව හිමිවෙනවා.

ඒ, මේ සිකුරාදා පැවැත්වෙන 'නිල් කටරොළු Live in Concept' හරහායි.

හෂෙන් දුලංජන, එරන්දි හේෂානි, සියුමිණි ඔපයන්ගි, සියුම් සංදීප් සහ මියුරු සංගීත් ඇතුළු නව පරපුරේ තරු රැසක් සහභාගී වන 'නිල් කටරොළු Live in Concept' ප්‍රසංගය ලබන සිකුරාදා (17) අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

මේ සඳහා සංගීතය සපයන්නේ Dignity සංගීත කණ්ඩායමයි.

මෙහි ගීත අර්ථ නිරුපණය කිරීම අනිෂා ජයකොඩි විසින් සිදුකෙරෙනු ඇති.

මින් පෙර අත්නොවිඳි සොඳුරු සංගීතමය අත්දැකීමක් විඳින්න ඔබට ඉඩකඩ සලසන 'නිල් කටරොළු Live in Concept' ප්‍රසංගය සඳහා නිල Digital මාධ්‍ය සහකරු ලෙස Colombo Times කටයුතු කරනවා.

මෙම ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනීමට දැන්ම කතා කරන්න.
ටිකට්පත් සඳහා විමසීම් : 077 445 53 99 (දුලිත)
වැඩි විස්තර සඳහා විමසීම් : 076 344 33 28 (ඉෂාර)

ටිකට් පත් Online මිලදී ගැනීමට පිවිසෙන්න : https://shorturl.at/nqSY4

ප්‍රසංගය පිළිබඳ වැඩිදුර තොරතුරු Colombo Times ඔස්සේ ගෙන ඒමට අප සූදානම්.
(colombotimes.lk)