colombotimes.lk
සිංහල | English

27 April 2024

'නිල් කටරොළු Live in Concept' අදයි



ශ්‍රී ලාංකීය සංගීත කළාවේ නැවුම් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් සංවිධානය කරන නාට්‍යමය ගීත විවරණය 'නිල් කටරොළු Live in Concept' අද (17) පැවැත්වීමට නියමිතයි.

ඒ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදීයි.

ඒ අනුව අද සවස 6 සිට මෙම ප්‍රසංගය රස විඳීම සඳහා ඔබට හැකියාව ලැබෙනවා.

හෂෙන් දුලංජන, එරන්දි හේෂානි, සියුමිණි ඔපයන්ගි, සියුම් සංදීප් සහ මියුරු සංගීත් ඇතුළු නව පරපුරේ තරු රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

ප්‍රසංගය සඳහා සංගීතය සපයන්නේ Dignity සංගීත කණ්ඩායමයි.

මෙහි ගීත අර්ථ නිරුපණය කිරීම අනිෂා ජයකොඩි විසින් සිදු කරනවා.

මින් පෙර අත්නොවිඳි සොඳුරු සංගීතමය අත්දැකීමක් විඳින්න ඔබට ඉඩකඩ සලසන 'නිල් කටරොළු Live in Concept' ප්‍රසංගය සඳහා නිල Digital මාධ්‍ය සහකරු ලෙස Colombo Times කටයුතු කරනවා.

සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඉතිරිව ඇති බැවින් ඔබගේ ටිකට් පත මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනීමට දැන්ම කතා කරන්න.
ටිකට්පත් සඳහා විමසීම් : 077 445 53 99 (දුලිත)
වැඩි විස්තර සඳහා විමසීම් : 076 344 33 28 (ඉෂාර)

ටිකට් පත් Online මිලදී ගැනීමට පිවිසෙන්න : https://shorturl.at/nqSY4
(
colombotimes.lk)