අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ කොළඹ උතුර අපරාධ කොට්ඨාසය කළ වැටලීමකදීයි.
මිද්දෙණියේ සිට නුවරඑළිය දක්වා සහ නුවඑළියේ සිට කඳාන දක්වා අදාළ රසායනික ද්‍රව්‍ය එම ලොරි රථයෙන් ප්‍රවාහනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම ලොරි රථය වැඩිදුර විමර්ශන සඳහා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදී තිබෙනවා.
(colombotimes.lk)