16 September 2025

logo

වසර 20 කට පසු ඇමරිකාවෙන් මැලේරියා රෝගින් වාර්තා වෙයි



ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා හා ටෙක්සාස් යන ප‍්‍රාන්තයන්ගෙන් මැලේරියා රෝගීන් පස්දෙනෙකු හමු වී තිබෙනවා. 

ඒ වසර 20 කට පසු පළමු වරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
ඒ සමඟම දකුණු දිග ඇමෙරිකාවේ මැලේරියා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අවශ්‍ය සියලු ක‍්‍රියාමාර්ග ගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබෙනවා. 
 
එම රෝගීන් පස්දෙනාට අමතරව තවත් කිසිඳු රෝගියෙකු මෙතෙක් වාර්තා වී නොමැති අතර එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මැලේරියා වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය සෞඛ්‍ය විධිවිධාන ඇතුළත් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)