වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 200ක් සමඟ මරදාන පොලිස් වසමේ අබේසිංහාරාම මාර්ගයේදී ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම අදාළ සැකකරු පසුගිය සැප්තැම්බර් 06වනදා කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කර ඇති බවද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.
(colombotimes.lk)