රුපියල් මිලියන 30ක් වටිනා ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින්.
පෙබරවාරි 1වනදා සවස 4.30ට කටාර් එයාර්වේස් QR-654 ගුවන් යානයෙන් 45 හැවිරිදි සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගේ ගමන් මලු වෙනම ගුවන් යානයකින් ගෙන්වාගෙන ඇති අතර ඔහු ඊයේ (13) එය ලබා ගැනීමට ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබූ ජංගම දුරකථන 180ක් සහ ටැබ්ලට් පරිගණක 5ක් සොයාගෙන තිබෙනවා.
(colombotimes.lk)