26 March 2025


බහරේන් යන අයට අනිවාර්ය එන්නතක්



බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශීය ශ්‍රමිකයන්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා එන්නතක් ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ Meningococcal vaccine එන්නත ලබා ගැනීම එලෙස අනිවාර්ය කර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ටද එම එන්නත ලබා ගැනීම අනිවාර්ය වනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය, බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව බහරේන් රාජ්‍ය හා ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ උපදෙස් මත ශ්‍රී ලාංකිකයන්ගේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

මෙනින්ගොකොකල් රෝගය යනු නයිසීරියා මෙනින්ජිටිඩිස් බැක්ටීරියාව මඟින් ඇති වන ආසාදන රෝගයක් වන අතර ප්‍රතිකාර නොකළහොත් මරණයට පත්වීමේ අවදානමක්ද පවතින බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)