12 January 2026

logo

පක්ෂීන් නිසා මන්නාරම සුළං බලාගාරයට බාධා



මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා මෙරටට පැමිණෙන පක්ෂීන් හට දැඩි අවදානමක් මතුව ඇති බවයි බොහෝ පාර්ශව පෙන්වා දෙන්නේ.

පක්ෂීන් ඇතුළු වන ප්‍රධාන මාර්ගයක් වන මන්නාරමට රටවල් 30 කින් සංක්‍රමණික පක්ෂීන් මිලියන 15ක් පමණ වාර්ෂිකව මෙරටට පැමිණෙන බව පර්යේෂකයින් අනාවරණය කර ගෙන තිබෙනවා.

මෙම සුළං බලාගාර ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීම සඳහා පරිසර ඇගයීම් වාර්තාව සකස් කර ඇත්තේ නිසි දත්ත පදනම් කරගෙන නොවන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
(colombotimes.lk)