ඇසළ පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ ලබාදී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයන් වෙත දැනුම්දී ඇති බවයි.
එමෙන්ම දන්සැල් පරික්ෂාව අද (10) දිනය පුරා සිදු කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
මේ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000කට ආසන්න සඛ්‍යාවක් සේවයේ යෙදී සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)