නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පොලිස්පති WhatsApp අංකයට ලද පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ එලෙස ලැබුණු පැමිණිලි අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කර පසුවිපරම් කරන බවයි.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ ඇතුළු විවිධ ගැටලු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හඳුන්වාදුන් WhatsApp අංකයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 8000 ඉක්මවා ගොස් තිබෙනවා.
(colombotimes.lk)