මහනුවර, ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයෙන් සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම්දී තිබෙනවා.
එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පර්වතය තුළ 'Labradorite' නම් ඛනිජය කුඩා ප්‍රමාණයක් තැන්පත් වී ඇති බවයි.
'Labradorite' ඛනිජය අර්ධ වශයෙන් වටිනාකමකින් යුත් මැණික් පාෂාණයක් ලෙස වර්ගීකරණය කර තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ එම පාෂාණය සඳහා ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බවයි.
(colombotimes.lk)
