පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් එහි තිබූ කෘති විශාල සංඛ්‍යාවකට හානි සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෞතුකාගාරයේ කෘති 300කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති අතර හානි වූ කෘති සම්බන්ධයෙන් අඛණ්ඩව ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින බවයි.
මෙම ජල කාන්දුවට හේතු වූ ගැටළුව වසර ගණනාවක් පුරා තමන් දැන සිටි බවත් මෙහි අලුත්වැඩියා කටයුතු එළඹෙන වසරේදී සිදු කිරීමට සැලසුම් කර තිබූ බව කෞතුකාගාරයේ නියෝජ්‍ය පරිපාලක ෆ්‍රැන්සිස් ස්ටයින්බොක් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ නමුත් එම අලුත්වැඩියා කිරීම් කටයුතු සිදු කිරීමට පෙරම ජල කාන්දුව සිදුවීමෙන් කෞතුකාගාරයේ කෘති රැසකට හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
