මතීෂ තරගයේ වීරයා වෙයි



ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

එම තරගයේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 28ක කඩුලු 4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් ශිවම් ඩුබේ නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 186ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් රෝහිත් ශර්මා නොදැවී ලකුණු 105ක් ලබා ගත්තා.
(colombotimes.lk)