11 September 2025

logo

මීරිගම දුම්රිය අනතුරට වගකිවයුත්තන් සොයයි



මිරිගම විල්වත්ත දී සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පරීක්ෂණවලට අදාළ ලිපි ගොනුව අද (10 දින) පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මීරිගම පොලීසියට උපදෙස් දී තිබෙනවා. 

අනතුරට පත් ලොරියේ රියදුරා, එම ලොරියේ ගමනාගමනයට බාධා සිදු වූ බව කියන ඉදිරියෙන් පැමිණි ලොරි රියදුරු මෙන්ම දුම්රිය ගේට්ටු කරු ඇතුළු පිරිසකගෙන් පොලිසිය සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. 
 
සිද්ධිය පිළිබඳව බාහිර පුද්ගලයන්ගේ ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ. 
 
දුම්රිය අනතුරක් සිදු වීම වළක්වා ගැනීමට නිසි පියවර ගෙන ඇත්දැයි අනාවරණය කර ගැනීම සඳහා මෙන්ම මෙම අනතුරට වගකිව යුත්තන් පිළිබඳව හෙළි කර ගැනීමටත් අදාළ ලිපිගොනුව නීති කොට්ඨාසය වෙත ඉදිරිපත් කර තීරණයක් ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ආරංචි මාර්ග සඳහන් කළා.
(colombotimes.lk)