Meta සමාගම විසින් සිය සමාජ මාධ්‍ය වේදිකා සඳහා Parental Controls නමින් නව ආරක්ෂණ මෙවලමක් හඳුන්වා දී තිබෙනවා.
මේ හරහා දරුවන්ගේ Facebook Messenger ගිණුම පාලන කළ හැකි බවයි එම සමාගම නිවේදනය කළේ.
ඒ අනුව විනාඩි 20කට වැඩියෙන් Facebook භාවිතා කරන දරුවන් හට ඉන් ඉවත්වන ලෙස පණිවිඩයක් මේ හරහා ලැබෙනු ඇති.
එමෙන්ම රාත්‍රී කාලයේදී දරුවන් අධිකව Instagram ගිණුම් භාවිතා කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
වයස අවුරුදු 13ට වැඩි දරුවන් සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කිරීමේදී ඇතිවන අහිතකර තත්ත්ව සඳහා පිළියමක් ලෙස මෙම ක්‍රමය ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)