16 September 2025

logo

කල් ඉකුත් වූ භාණ්ඩ මෙට්‍රික් ටොන් 4.5ක් විනාශ කරයි



වත්තල හා හැඳල ප්‍රදේශවල සිදු කළ වැටලීම් 3කට අදාළව කල් ඉකුත් වූ භාණ්ඩ රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විසින් විනාශ කර තිබෙනවා. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වත්තල හා හැඳල ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන 03කින් අත්අඩංගුවට ගත් කල් ඉකුත් වූ කරවල සහ රටඉඳි මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් මෙලෙස විනාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම විනාශ කළ ද්‍රව්‍ය අතරට කල් ඉකුත් වූ රටඉඳි මෙට්‍රික් ටොන් 3.6ක්, කල් ඉකුත් වූ හාල්මැස්සන් මෙට්‍රික් ටොන් 1ක්, කල් ඉකුත් වූ කරවල කිලෝග්‍රෑම් 300ක් ද අයත් බව එම අධිකාරිය සඳහන් කළා. 

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කළ අංක 1875/38 (15.08.2014) දරන අතිවිශේෂ ගැසට් පත්‍රය (නියෝග අංක 52) උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අදාළ වෙළෙඳුන්ට රු.55,000ක දඩ මුදලක් පසුගිය 27වනදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ. 






(colombotimes.lk)