01 July 2025

logo

මැදපෙරදිග ගුවන් කලාපය යළි විවෘත කරයි



තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කටාර් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප මෙලෙස විවෘත කර ඇති බවයි. 

ඉරානය විසින් කටාර්හී පිහිටි ඇමරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරකට ඊයේ (23) මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මෙලෙස වසා දැමීමට පියවර ගැනුණා. 

ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු වූ අතර ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ගුවන් යානා 5ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යැවීමට පියවර ගත් බව ද සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළා. 

(colombotimes.lk)