රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩපත් ක්‍රමවේදය හඳුන්වාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
එමඟින් ඉන්ධන අවශ්‍යතාව අනුව මාර්ගගත බැංකු ක්‍රමවේදය හරහා ඊට අදාළ මුදල් ප්‍රතිපූරණය කිරීමටත්, පුද්ගල මැදිහත්වීම අවම වීම තුළින් ඉහළ විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමතාවයකින් ඉන්ධන සපයා ගැනීමටත් අවකාශය සැපයෙන බවයි සඳහන් වන්නේ. 
(colombotimes.lk)
