දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට තවත් සහනාධාරයක් ලබා දෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
ඒ ඇමරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා අතිරේක මානුෂීය ආධාරයක් බවයි සඳහන් වන්නේ.
ක්ෂණික අවශ්‍යතා සපුරාලන ආහාර, මුළුතැන්ගෙයි කට්ටල, සනීපාරක්ෂක කට්ටල මෙන්ම ගංවතුර අවම කිරීම සඳහා භාවිතයට ගන්නා වැලි කොට්ට සකසන පොලිසැක්ස් වැනි ද්‍රව්‍ය ද ඊට ඇතුළත්.
(colombotimes.lk)
