09 October 2025

logo

වාහන අංක තහඩු ගැන ඇමති බිමල්ගෙන් පැහැදිලි කිරීමක්



නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ සිදුවී ඇති ප්‍රමාදය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. 

පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2025 සැප්තැම්බර් 30වන දිනට වාහන අංක තහඩු 165,512 ලබාදී නොමැති බවයි. 

මේ අතර නව රියදුරු බලපත්‍ර ලබාදීම පිළිබඳ මතු වී ඇති ගැටලුව එළඹෙන 18වනදා වන විට විසඳන බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා. 


(colombotimes.lk)