අපනයනය කරන තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 3 ක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාගේ අත්සනින් යුතුවයි.
ඒ අනුව තේ කොමසාරිස්වරයා විසින් රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේදී අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු වනවා.
ශ්‍රී ලංකා තේ මණ්ඩල ප්‍රාග්ධන අරමුදල වෙත අදාළ ගාස්තු බැර කෙරෙනු ඇති.
අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්...
(colombotimes.lk)