අද දිනයේ ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා.
ඒ ඉන්දීය අගමැතිගේ ඇමරිකානු සංචාරය අවසන් කිරීමට පෙරයි.
දෙරටේ මාධ්‍යවේදින් දෙදෙනෙකුට පමණක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කිර්බි සඳහන් කළා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2014 වසරේ බලයට පත්වීමෙන් පසු මාධ්‍ය හමුවකට සහභාගිවී නොමැති අතර ඔහු තනි තනිව මාධ්‍යවේදින්ට සම්මුඛ සාකච්ඡා පමණක් ලබාදී තිබෙනවා.
(colombotimes.lk)