පාපන්දු තරගයක් පෘථිවියෙන් පිට වෙනත් ග්‍රහලෝකයක පැවැත්වීමට විද්‍යාඥයින් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව 2035 වනවිට සඳ මතුපිට පාපන්දු තරගයක් පැවැත්වීමට හැකිවන බවයි විද්‍යාඥයින් පවසන්නේ.
Institution of Engineering and Technology (IET) ආයතනයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙම සැලසුම සකස්කර තිබෙනවා.
ඒ අනුව තරගය මිනිත්තු 90ක් පුරා පැවැත්විය හැකි බව සඳහන්.
එනම් මිනිත්තු 10ක විවේක කාලයක් සහිත කොටස් 4ක් ලෙස මෙම තරගය පැවැත්වීමට හැකි බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙය Moonchester United ලෙස නම් කර තිබීම විශේෂත්වයක්.
(colombotimes.lk)