නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයන් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය පෙබරවාරි මස 22වනදා සිට අගෝස්තු මස 3වනදා දක්වා කාලය තුළ සිදු කළ මෙහෙයුම්වලදී සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සාමජිකයන් 3,504දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් 2,937දෙනෙක් සිටින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අමතරව නාවික හමුදා සෙබලුන් 289දෙනෙක් සහ ගුවන් හමුදා සෙබලුන් 278දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)