17 September 2025

logo

Be Happy | පිරිමින් ආකර්ෂණය වෙන කාන්තාවන්ගේ අමුතු ගතිගුණ



සාහිත්‍යය හා කාව්‍යයන් කාන්තාවන්ගේ සුන්දරත්වය සහ ඇයගේ ලාලිත්‍ය පිළිබඳ විස්තර වලින් පිරිලා තියෙනවා. කාන්තාවන්ට පිරිමින්ගේ සිත් දිනා ගැනීම සඳහා සිය සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වන අතර එමඟින් ඔවුන් ආකර්ෂණය කර ගැනීමට සහ සුදුසු සහකරුවෙකු සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. කාන්තාවන් ගැන පිරිමින් තුළ තියන කැමැත්ත එකිනෙකාට වෙනස් වෙනවා.

 
සමහර පිරිමි කෙට්ටු ගැහැණු අයට කැමතියි. සමහරු මහත ගැහැණු අයට කැමතියි. තවත් සමහරු උස අයට, මිටි අයට කැමතියි. ඒ විතරක් නෙවෙයි සමහර අය ඉන්නවා එයාලට ශරීරයේ හැඩය ගැන කිසිම උනන්දුවක් නෑ. ඒ කොහොම වුණත් බොහෝ පිරිමින් කාන්තාවන්ගේ පෙනුමට වඩා කාන්තාවන්ගේ චරිතය හා අභ්‍යන්තර සුන්දරත්වයට ආදරය කරන බව තමයි ඇත්ත. කාලයක ඉඳන් කරපු පරීක්ෂණවලින් පිරිමින්ගේ කැමති අකමැති දේවල් ගොඩක් හෙළිවෙලා තියනවා. අද Be Happy ඔයාට කියන්නේ පිරිමින් ආකර්ෂණය වෙන කාන්තාවන්ගෙ අමුතු ලක්ෂණ කිහිපයක් ගැනයි.
 
1. කරුණාවන්ත බව
 
පිරිමින් හැම විටම කරුණාවන්ත, දයාබර හදවතක් තියන, අනෙක් අයට කරුණාවෙන් කතා කරන සහ කරුණාවෙන් සළකන කාන්තාවන්ට ආකර්ෂණය වෙන බව පරීක්ෂණ කිහිපයකින්ම හෙළි වෙලා තිබෙනවා. ඒ වගේම පිරිමින් මේ විදිහට කරුණාවන්ත කාන්තාවන්ට ආකර්ෂණය වෙන්නෙ දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් ආරම්භ කරද්දි කියලයි කියන්නෙ.
 
2. සැහැල්ලු බව
 
සමහර කාන්තාවන් සිටිනවා හැම දෙයක් ගැනම හිතන්නේ බොහොම බරපතළව. මේ අයට කිසිම වැඩක් පහසුවෙන් කරගන්න බැහැ. ඔවුන් ජීවිතේ බොහෝ තැන් වලදී අසාර්ථකයි. මේ නිසා සැහැල්ලුවෙන් කාලය ගත කරන කාන්තාවන්ට පිරිමි ආකර්ෂණය වැඩියි.
 
3. විනෝදකාමී බව
 
ජීවිතය ගැන සෘණාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කාන්තාවන් වෙත පිරිමින්ගේ හිත යන්නේ නැති බව හොයාගෙන තියනවා. ඔයාගෙ ජීවිතයේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඔයා දුකෙන් ඉන්නවා නම්, නිතර පසුතැවිලි වෙනවා වගේ පේනවා නම් ඔයාට පිරිමින්ගේ ආකර්ෂණයත් අහිමි වී යන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් පිරිමි අය කැමති වෙන්නෙ විනෝදකාමී හා සතුටින් ඉන්න කාන්තාවන්ටයි. ඔයාගෙ ජීවිතයේත් ඒ වගේ වේදනාකාරී අවස්ථා හෝ සිදුවීම් තියනවා නම්, පිරිමින්ගේ අකර්ෂණය ලැබුණත් නැතත් ඒවා වෙනස් කරගන්න එක ඔයාට හොඳයි.
 
4. සරල බව
 
සමහර කාන්තාවන් ඉන්නවා මේ අය හරියට ඇවිදින විසිතුරු බඩු කඩ වගේ. මේ අය අදින්න පළදින්න ගියත් මොන වැඩක් කරන්න ගියත් හැම දෙයක්ම කරන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන්. නමුත් පිරිමින් නම් වැඩි කැමැත්තක් දක්වන්නේ සරල කාන්තාවන්ට. මේ නිසා ජීවිතේ හැම දෙයක්ම සරලව දකින සරලව කරන කාන්තාවන්ට පිරිමින්ගෙන් හිමිවෙන්නේ වැඩි ආකර්ශනයක්.
 
5. ආත්ම විශ්වාසය
 
කාන්තාවක් සමාජය විසින් දුර්වල කෙනෙක් බවට පත් කරන්න උත්සහ කරත් ඔබ හොද ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් නම් ඔබට පිරිමින්ගෙන් ලැබෙන්නේ වැඩි ආකර්ශනයක්. මොකද හැම ප්‍රශ්නෙකටම අඩන කාන්තාවකට වඩා ඒ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කාන්තාවකට පිරිමි වැඩි කැමැත්තක් දක්වනවා.
 
ඔයා කවදා හරි හිතුවද මේ දේවල් වලට පිරිමි කෙනෙක් කැමති වෙයි කියලා. ඇත්තටම හැම පිරිමියෙක්ම අපේ පිටත රූපයට විතරක් කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද ඉදලා බාහිර අලංකරණයට වගේම අභ්‍යන්තර සුන්දරත්වයටත් වැඩි වෙලාවක් වෙන් කරන්න මතක කරන්න එපා.
 
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)