අලි මිනිස් ගැටුම විසඳීම සඳහා මෙවර අයවැයෙන් පසුගිය වසරවලට වඩා වැඩි මුදලක් වෙන්කර ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි ප්‍රකාශ කළා.
ඒ අද (21) පාර්ලිමේන්තුවේදී අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
ඔහු කියා සිටියේ පසුගිය වසරේ වනඅලි සංගණනයට අනුව වන අලි 385ක් මියගොස් ඇති බවයි.
අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස විදුලිවැට ඉදිකිරීම, අලිවෙඩි, මුරපොළවල් ඉදිකිරීම, අලි මංකඩ හඳුනාගෙන අලින්ට සංක්‍රමණ අවස්ථා හඳුන්වාදීම, වාසස්ථාන හඳුන්වාදීම වැනි ක්‍රියාමාර්ගවලට අමතරව මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා විවිධ පර්යේෂණ සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)