21 January 2026

logo

යතුරුපැදි කාර්මිකයෙක් අත්අඩංගුවට



අල්ලසක් ලෙස රුපියල් 50,000ක මුදලක් ලබාදීමට උත්සහ කළ පුද්ගලයෙක්ව බෙම්මුල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ නිල මේසය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.

සැකකරු කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි යතුරුපැදි කාර්මිකයෙක් බවයි වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  



(colombotimes.lk)