13 July 2025

logo

එට්නා ගිනි කන්ද නැවතත් විදාරණය වෙයි



ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් විදාරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් මෙතෙක් කිසිඳු අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව නොමැති බව බලධා‍රීහු සඳහන් කළා.

සිසිලි දූපතේ කතානියාහි පිහිටි එට්නා ගිනි කන්ද යුරෝපයේ උසම ගිනි කන්ද වන අතර එය නිරන්තරයෙන් විදාරණයට ලක් වූව ද ඉන් සැලකිය යුතු හානියක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් බව විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ.
(colombotimes.lk)