ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව ඊද්උල්අල්හා හෙවත් හජ් උත්සවය අද (17) සමරනු ලබනවා.
මෙම උත්සවයේදී ඔවුන් සිදු කරනුයේ සමගිය හා සාමූහිකත්වයට මුල් තැන දෙමින් නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුගමනය කිරීමයි.
ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කර තිබෙනවා.
මෙම දිනයට සමගාමීව ඉස්ලාම් දහමට අනුව පංච මහා වගකීම්වලින් එකක් වන හජ් වන්දනාව සිදු කරයි.
(colombotimes.lk)