ජනාධිපති අනුර කුමාර දිසානායක සහ IMF දූත පිරිසක් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන්වන සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට වත්මන් රජය මේ වන විටත් පැමිණ තිබෙනවා.
එම සමාලෝචනයේ කරුණු මේ වසරේ පෙබරවාරි අග වන විට IMF අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම ඊට අදාළව ප්‍රගතිය හා ඉදිරියට එම වැඩසටහන පවත්වාගෙනයාමේ ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)