'සක් සුරින්' හෙවත් 'මුතු රාජා' හස්තියා හෙට (02) යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයක් මගින්.
2001 වසරේදී මෙම සක් සුරීන් නැමැති හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණා.
නමුත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කළා.
අලුත්ගම කන්දේ විහාරයේ රඳවා සිටි මෙම හස්තියා තායිලන්තයට රැගෙන යාම සඳහා ඉල්ලා සිටීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබුණා.
පසුගිය නොවැම්බර් මාසයේදී සත්වෝද්‍යානයට රැගෙන ආ හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායමක් සහ ඇත් ගොව්වෙකු ලංකාවට පැමිණ සිටි අතර පසුගිය සතියේ ද තායිලන්තයේ පිරිසක් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මෙරටට පැමිණ තිබුණා.
මුතු රාජා ඇතා රැගත් රුසියානු ගුවන් යානය හෙට අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්වයාමට නියමිතයි.
(colombotimes.lk)