27 January 2026

logo

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට අමතරව වැය වන මුදල නලින්ද හෙළි කරයි



වෛද්‍ය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයට 2026 වසරේ ලබාදුන් මූලික වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 220ක අමතර මුදලක් වැය කිරීමට රජයට සිදුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. 

ඒ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
 
එමෙන්ම 2027 වසරේදී ඒ සඳහා රුපියල් බිලියන 330ක් වැය වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

(colombotimes.lk)