26 January 2026

logo

නාමල්ට CIDයට - ශිරන්ති FCIDයට



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.

මේ අතර ඔහුගේ මවවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ‘සිරිලිය’ ගිණුමක් පවත්වා ගෙන යමින් මූල්‍ය වංචාවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෙට (27) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

(colombotimes.lk)