16 September 2025

logo

ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡාවෙන් විසදාගත යුතුයි - නාමල් කියයි



ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතු බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ, එසේ නොවුනහොත් අවසානයේදී අපහසුතාවයට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයින් බවයි.

තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එසේ කලේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා බවත් ඔහු පැවසූවේ.

මෙම දේශපාලන හා ක්‍රිකට් පරිපාලනය ගැටීම නිසා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනම් කර ඇති බවත් මෙසේ ක්‍රීඩා තහනම නිසා වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ අහිමිවන බවද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.
(colombotimes.lk)