colombotimes.lk
සිංහල | English

27 April 2024

‘නාස් ඩේලි’ ලංකාවට පැමිණි හේතුව මෙන්න (PHOTOS)



ජනප්‍රිය ජාත්‍යන්තර Vlogger නාස් ඩේලි ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර තිබෙනවා. 

SLTPB විසින් කරන ලද ආරාධනයක් මත ජාත්‍යන්තර Vlogger ‘Nas Daily’ දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. 
 
නිවේදනයක් නිකුත් කරමින් සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ‘නාස් ඩේලි’ සමඟ අත්සන් කර ඇති ගිවිසුම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් බවයි. 
 
මේ අතර, 'X' වෙත සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනය කළේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය සඳහා විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය කිරීම සඳහා 'Nas Daily' සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බවයි. 
 
Nuseir Yassin යනු ඊශ්‍රායල-පලස්තීන-Kittitian Vlogger කෙනෙකු වන අතර ඔහු 'Nas Daily' ලෙස හැඳින්වෙනවා. 
 
ඔහුගේ Facebook, TikTok සහ Instagram පිටුවල ඇති වීඩියෝ ලොව පුරා අතිශය ජනප්‍රියයි. 
 
ඔහු මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්වී ඩියෝ තුනක් නිෂ්පාදනය කර තිබුණා. 
 
2020 දී ‘නාස් ඩේලි’ විසින් නිෂ්පාදනය කරන ලද වීඩියෝවක් හරහා ශ්‍රී ලංකාව ‘කොවිඩ් සමයේ වඩාත්ම ත්‍යාගශීලී රට’ ලෙස නම් කළා.
(colombotimes.lk)
Inte et star
Inte et star