28 November 2025

logo

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි



ජාතික ආපදා කළමනාකරණ සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) රාත්‍රියේ රැස්වී තිබෙනවා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේදීයි.
 
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල්ව විමසා බැලීම මෙහිදී සිදු කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා ආරක්ෂක අංශ සහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසයි. 



(colombotimes.lk)