ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන් 03ක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.
හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් වරායන් වෙත ඊශ්‍රායලය විසින් එම ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් රතු මුහුදේ ගමන් ගන්නා වාණිජ නැව්වලට පහරදීමට කටයුතු කරන බැවින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.
(colombotimes.lk)